Tuesday, June 21, 2011


අලෝකයේදි හමුවු බත්කූරා

Photos were posted on 10 ජූනි 2011 at 10:47ප.ව.
බත් කූරෝ,
නුඹ ගැන සොයන්න
විකිපීඩියාවටත් ගියා..
නුඹට පාද 6කුත්, විනිවිද පෙනෙන
තටු දෙකකුත් ඇති කෘමියෙක් කියලා ………
දැනගත්තා..
තෙම් බිම් ආශ්‍රයේ ගැවසෙන
නුඹේ ආහාර ගැනත් කියෙව්වා..
මදුරැවෝ,මීමැස්සෝ,කූඹින්,සමනළුන්
තමයි බත් කූරාගේ ගොදුරු
පුංචි වුණාට නුඹත් ලේසි නෑ…
ලංකාවේ තිබෙන තෙත්බිම් අතරින්
මේ වගේ බත්කූ‍රෙක් දකින්ඩ
අපි තාමත් වාසනාවන්තයි..
බත් කු‍ෙරකුගේ ලස්සන දකින්ඩ
අපේ දරුවන්ට තිබෙන අයිතිය
වගේම ,
බත්කූරෙකුට ජීවත්වෙන්ඩ ඇති අයිතියත් තිබෙන්නට ඕනා…
ඒ වෙනුවෙන් මීගමුව කලපුව ආශ්‍රිතව ඇති
මේ  තෙත් බිම
මතුවටත් රැකේවා
බත්කූරෝ
නුඹ ලස්සන බත්කූරෙක් වීම ගැන
නුඹට ස්තූතියි !
සටහන සහ ඡායා-  කුමාරි ප්‍රනාන්දු
බත් කූරා ගැන ජීව විද්‍යාත්මක තොරතුරු
කූරා හෙවත් බත්කූරා නමින් හදුන්වන මෙම කෘමියා අයත් වන්නේ ආත්‍රපෝඩා වංශයටය.
කුරා ,ඉන්සෙක්ටා කුලයට අයත් ඔඩනෙක්ටා ගෝත්‍රයේ එපිපොක්ට්‍රා උප ග්‍රෝත්‍රයට අයත්වේ. විශාල  ගෝලාකාර ඇස් හා විනිවිද පෙනෙන ශක්තිමත් පියාපත් යුගල දෙකක් සහිත කූරක් මෙන් දිගට ඇදුන ඇගක් සහිත කෘමියෙක් ලෙස  බත් කූරා හැදින්විය හැක.
බත්කූරා මෙන්ම සමානකම් ඇති කෘමි වර්ග අතර බත්කූරා විශේෂ වන්නේ යම් ස්ථානයක වසා සිටින විට, පියාපත් සිරුරට ලම්බකව ඉවතට විහිදී  තිබීමයි. අනෙක් කෘමීන්ට මෙන් බත්කූරාට  ද පාද 06ක් ඇත. නමුත් හොදින් ඇවිදීමට ඒවා ශක්තිමත් නැත. ලෝකයේ සිටින වේගයෙන්ම පියාසර කරන කෘමින්ගේ ඝනයට බත්කූරා ද අයත් වේ.

මදුරුවන් ආහාරයට ගන්නා බැවින් බත්කූරා වටිනා විලෝපියෙකි. බත්කූරා වැඩි වශයෙන් දැකිය හැක්කේ කලපු ,විල්,ඇල දොළ හා වගුරු බිම් අසලය. එයට හේතුව ඔවුන්ගේ ජීවන චක්‍රයේ  සුහුඹුල් අවධිය ජලාශ්‍රිතව සිදුවීමයි.