අලෝකයේදි හමුවු බත්කූරා
Photos were posted on 10 ජූනි 2011 at 10:47ප.ව.
නුඹ ගැන සොයන්න
විකිපීඩියාවටත් ගියා..
නුඹට පාද 6කුත්, විනිවිද පෙනෙන
තටු දෙකකුත් ඇති කෘමියෙක් කියලා ………
දැනගත්තා..
තෙම් බිම් ආශ්‍රයේ ගැවසෙන
තෙම් බිම් ආශ්‍රයේ ගැවසෙන
නුඹේ ආහාර ගැනත් කියෙව්වා..
මදුරැවෝ,මීමැස්සෝ,කූඹින්,සමනළුන්
තමයි බත් කූරාගේ ගොදුරු
පුංචි වුණාට නුඹත් ලේසි නෑ…
ලංකාවේ තිබෙන තෙත්බිම් අතරින්
මේ වගේ බත්කූරෙක් දකින්ඩ
අපි තාමත් වාසනාවන්තයි..
බත් කුෙරකුගේ ලස්සන දකින්ඩ
අපේ දරුවන්ට තිබෙන අයිතිය
වගේම ,
බත්කූරෙකුට ජීවත්වෙන්ඩ ඇති අයිතියත් තිබෙන්නට ඕනා…
ඒ වෙනුවෙන් මීගමුව කලපුව ආශ්‍රිතව ඇති
මේ තෙත් බිම
මතුවටත් රැකේවා
බත්කූරෝ
නුඹ ලස්සන බත්කූරෙක් වීම ගැන
නුඹට ස්තූතියි !
බත් කූරා ගැන ජීව විද්‍යාත්මක තොරතුරු
කූරා හෙවත් බත්කූරා නමින් හදුන්වන මෙම කෘමියා අයත් වන්නේ ආත්‍රපෝඩා වංශයටය.
කුරා ,ඉන්සෙක්ටා කුලයට අයත් ඔඩනෙක්ටා ගෝත්‍රයේ එපිපොක්ට්‍රා උප ග්‍රෝත්‍රයට අයත්වේ. විශාල ගෝලාකාර ඇස් හා විනිවිද පෙනෙන ශක්තිමත් පියාපත් යුගල දෙකක් සහිත කූරක් මෙන් දිගට ඇදුන ඇගක් සහිත කෘමියෙක් ලෙස බත් කූරා හැදින්විය හැක.
මදුරුවන් ආහාරයට ගන්නා බැවින් බත්කූරා වටිනා විලෝපියෙකි. බත්කූරා වැඩි වශයෙන් දැකිය හැක්කේ කලපු ,විල්,ඇල දොළ හා වගුරු බිම් අසලය. එයට හේතුව ඔවුන්ගේ ජීවන චක්‍රයේ සුහුඹුල් අවධිය ජලාශ්‍රිතව සිදුවීමයි.
No comments:
Post a Comment